Image

හිර ගෙදර විශ්වවිද්‍යාලයක් ද...? - Ideas front වීඩියෝවක්

හිර ගෙදර විශ්වවිද්‍යාලයක් ද...? - Ideas front වීඩියෝවක්

හිර ගෙදර සම්බන්ධයෙන් ලංකාවේ වාමාංශිකයින් තුළ පවතින්නේ සදාචාරාත්මක මතයක් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

අනෙකුත් පාර්ශ්ව නියෝජනය කරන දේශපාලන කණ්ඩායම්වල මතය වන්නේ වරදක් කළ හොත් දඬුවම් ලැබිය යුතු යන්න පමණක් බවත් හිර ගෙදර යනු ද රාජ්‍ය ආයතනයක් බව ඔවුන් අමතක කර ඇති බව ද දීප්ති අවධාරණය කළේ ය.

බන්ධනාගාර සම්බන්ධයෙන් අපේ රටේ තවමත් පවතින්නේ 19වන සියවසේ පැවති මතය යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

එමෙන් ම බන්ධනාගාර ගතවෙන අය සියලු ම දෙනා එය උරුමයක් ලෙස රැගෙන එන්නේ යැයි සමාජ මතයක් පවතින්නේ යැයි ද හෙතෙම අවධාරණය කළේ ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න