ජනපතිගෙන් සජිත්ට කොළ එළියක් !

ජනපතිගෙන් සජිත්ට කොළ එළියක් !

යෝජිත මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී සාකච්ඡාවට ගැනීම කල් දැමීමට ජනාධිපතිවරයා එකඟ වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අදාල පනත කල් දමා සම්මුතිවාදයකින් කටයුතු කරන්න අවස්ථාව දෙන ලෙස ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දී තමා අද උදෑසන ඉල්ලා සිටි බව කී විපක්ෂ නායකවරයා, තමාගේ ඉල්ලීමට ජනාධිපතිවරයා එකඟතාවය පළ කළ බවත් එම එකඟතාවය පිළිබඳ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිතුමා තමාට දැනුම් දුන් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එහිදී විපක්ෂ නායකවරයා මෙසේ පැවසිය.

"අද දින ගරු ජනාධිපතිතුමත් සමඟ මම දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා එතුමට පැහැදිලි කරලා දුන්නා Central Bank Act එක පිළිබඳව. තව දුරටත් සාකච්චා කරලා එම පනත වඩාත් පරිනත ආකාරයට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වන්නට ඕන. මොකද අපි හැමෝම පිළිගන්නවා මේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය සහ විශේෂයෙන්ම monetary law එක monetary policy එක අපි ස්වාධීනව දේශපාලන ඇගිලි ගැසීම් වලින් තොරව ක්‍රියාත්මක විය යුතුයි කියන ප්‍රතිපත්තිය අපි පිළිගන්නවා. ඒ නිසා මම එතුමට දුරකතනයෙන් ආමන්ත්‍රණය කරලා ඉල්ලීමක් කරා මේක සාකච්ඡාවට භජනය කිරීම තවදුරටත් කල්දමලා, විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ සම්මුතිවාදයක් තුළින් අපිට මේ අණපනත් පිළිබඳව තවදුරටත් කටයුතු කරන්න අවස්ථාව දෙන්න කියලා. මම ස්තූති වන්ත වෙනවා එතුමා ප්‍රකාශ කළා ඒකට එතුමා එකඟයි කියලා. විශේෂයෙන්ම මට කිව්වා ඒක ප්‍රකාශ කරන්න කියලා පාර්ලිමේන්තුවේදී. අපි ඒ දේ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න අදහස් කරනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න