ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර එය වැඩි ජන්දයෙන් සම්මත විය.
අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසින් සිදුකළ අතර පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා වන ඡන්ද විමසීම පැවැත්විණ.
එහිදී යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ලැබුනේ ඡන්ද 77ක් පමණි.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
