'ටෙලිකොම්' පෞද්ගලීකරණය නිර්දේශ නොකරයි

'ටෙලිකොම්' පෞද්ගලීකරණය නිර්දේශ නොකරයි

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම අනුමත නොකරන බවට කළ නිර්දේශය පිළිනොගැනීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සරත් වීරසේකර විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීම ජාතික ආරක්ෂාවට ගැටළුවක් බැවින් එය අනුමත නොකරන බවට එම වාර්තාවෙන් නිර්දේශ කර ඇති බවට පාර්ලිමේන්තුව හමුවේ අද (09) සඳහන් කළේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබියදී මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව රජය කිසිසේත් පිළිනොගන්නා බව ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.

ඒ තත්ත්වය යටතේ ආංශික අධික්ෂණ කාරක සභාව විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පුද්ගලීකරණය නොකරන ලෙස කළ යෝජනාව රජය ඉවත දමනු ඇති බව එම ඇමතිවරයා විශ්වාසය පළ කළේය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාවේ පිටපතක් අද (09) දිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යැවීමට ද ආණ්ඩු පක්ෂ කාර්යාලය පියවර ගෙන තිබුණි.

මේ අතර ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සමාජිකත්වයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා  ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව එහි පුරප්පාඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රි රාවුෆ් හකීම්  පත් කෙරිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න