ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත විය.
ඊයේ (19) මෙම සංචාරයේ නිතර වූ අතර, ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලි චන්ග් මෙම සංචාරය සදහා සහභාගී වී ඇත.
සංචාරකයන්ට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයා අවධානය යොමු විය.
වියළි කාළගුණය නිසා සිඳී ගොස් ඇති ජල කඩිතිවලට ජලය මුදා හැරිමේ වැඩසටහනකටද ජනාධිපතිවරයා සහභාගී වූයේය.
යාල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වනෝද්‍යානයන්ගෙන් එකක් වන අතර අඩුම භූමි ප්‍රමාණයකදී ශ්‍රී ලංකා කොටියන් (Panthera pardus kotiya) නැරඹීමට හැකි ස්ථානයකි.
ජනපතිගේ මෙම සංචාරය සඳහා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද සහභාගී වූහ.

(ජයාරූප - lankadeepa.lk)
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
