මංගල සමරවීර සමුගෙන දෙවර්ෂ පූර්ණය සිහිපත් කරමින්, මංගල සිහිනය වෙනුවෙන් සුජිත් අක්කරවත්ත විසින් රචිත ‘වායාම’ කෘතිය අගෝස්තු 24 වැනිදා ජනගත කිරීමට නියමිත ය.
කෘතිය ජනගත කෙරෙන්නේ එදින සවස 3.30ට ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ය.
ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ලේක්හවුස් ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ සහ කතුවරයා එහිදී අදහස් දැක්වීමට නියමිතය.
ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.
‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
