Image

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කෙවින් ද සිල්වා ඕස්ට්‍රේලියාවේ ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගයේ රන්පදක්කම දිනයි

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කෙවින් ද සිල්වා ඕස්ට්‍රේලියාවේ ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගයේ රන්පදක්කම දිනයි

පසුගිය දා පැවති ඕස්ට්‍රේලියා ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය (Australian Junior Athletics Nationals Championship ) Queensland ප්‍රාන්තයේ Brisbane නගරයේ QSAC Brisbane stadium ක්‍රීඩාංගනයේ දී මෙම තරගාවලිය පැවැත්විණි.

මෙහි දී ශ්‍රී ලංකා සම්භවයක් පවතින පහළොස් හැවිරිදි වයසේ පසුවන කෙවින් ද සිල්වා වයස අවුරුදු 17 න් පහළ මීටර් 100m ඉසව්වේ රන් පදක්කම - දක්ශතාව තත්ත්පර 10.75 PB  , මීටර් 200m ඉසව්වේ ලෝකඩ පදක්කම - දක්ශතාවය තත්ත්පර 21.53  සහ මීටර් 100×4m සහාය දිවීමේ ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට සමත් විය.

2025 වසරේ පැවති ඕස්ට්‍රේලියා ජාතික පාසල් මළල ක්‍රීඩා තරගාවලිය

(All Schools Australian National Championsh) මෙල්බන් නුවර Lakeside Stadium ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි. එහි දී කෙවින් ද සිල්වා රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීම ද විශේෂයත්වයකි. එය මීටර් 100m ඉසව්ව 10.86 දක්ශතාවය සමග රන් පදක්කම, මීටර් 200m ඉසව්ව 21.77 දක්ශතාව සමග රන් පදක්කම සහ මීටර් 100×4m ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. කෙවින් ද සිල්වා ගේ වර්තමාන පුහුණුකරු ලෙස කටයු කරනු ලබන්නෙ ඕස්ට්‍රේලියානු ජාතික Mike Donato ය.

sameeraසමීර මදුසංක හේවා ගමගේ

 

 

 

kevin2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න