දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ අදට නියමිතව තිබූ බැඳුම්කර යළි නිකුත් කිරීම ලබන 11 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කළේ, දේශීය ආදායම් පණත සංශෝධනයට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාවලියක් පවතින බැවින් එලෙස එය කල් දැමූ බවයි.
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ යටතේ රජය නිකුත් කර ඇති බැඳුම්කර සියල්ල 9%ක පොලී අනුපාතිකයක් යටතේ යළි නිකුත් කිරීමට යෝජනා වී තිබුණි.
එය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ, අද (28) දිනයේයි.
කෙසේ වෙතත්, සේවක අර්ථසාධක අරමුදල් මේ තුළින් දැඩි අර්බුදයකට ලක්වන බවට පාර්ශව ගණනාවක් ඊට විරෝධය පළ කරමින් ද සිටි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
