ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනයට තාක්ෂණික ආයතනයක්

ලංකාවේ කිරි කර්මාන්තය සංවර්ධනයට තාක්ෂණික ආයතනයක්

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ සංවර්ධනය උදෙසා තාක්ෂණික ආයතනයක් පිහිටුවීමට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයට (USAID) ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහයෝගය ලබා දීමේ දී අවදානය යොමු කළ යුතු අංශ සම්බන්ධව පෙරේදා (29) අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක Charlie Bell මහතා සහ ඉන්දු – පැසිපික් ව්‍යාපෘතියේ නියෝජිත Dion M. Schoorman යන මහත්වරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර  හමුවී සාකච්ඡා කළේය.

මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මාලතී පරසුරාමන්  ඇතුළු පිරිසක් සහභාගි වුහ.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව තාක්ෂණය ව්‍යාප්ත කිරීම හා ගොවි ජනතාව ඊට හුරු කිරීමේ වැඩ සටහන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීම, උසස් බීජ විශේෂ දේශීය වශයෙන් පුළුල් කිරීම, දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දෙන පරිදි කාලානුරූපව වගා කටයුතු සඳහා ගොවීන් උනන්දු කිරීම, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, වැනි කරුණු ගණනාවක් සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරිණි.

එමෙන්ම අපේ රටේ කිරි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා තාක්ෂණික ආයතනයක් Dairy Technology Institute පිහිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මුල්‍ය ආධාර ලබා ගැනීම සදහා අමාත්‍යවරයා ව්‍යාපෘති වාර්තාවක් USAID නියෝජිතයින්ට බාර දුන්නේය.

එමෙන්ම රට ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට ලක් වු අවස්ථාවේ දී USAID ආයතනය විසින් ගොවින් සඳහා අවශ්‍ය රසායනික පොහොර මෙන්ම මුල්‍ය ප්‍රතිපාදන ද ලබා දීමට ගත් පියවර අමාත්‍ය මහින්ද අමරවීර ඇගයීමට ලක් කළේය.

ශ්‍රී ලංකාව පැවැති දුශ්කර ආර්ථික වාතාවරණයෙන් ක්‍රම ක්‍රමයෙන් මිදෙමින් සිටින බවත්, ඒ සඳහා රජයේ කැපකිරීම අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය උදෙසා USAID මගින් ලබා දෙන සහයෝගය අඛණ්ඩව ලබා දෙන බවත් ජ්‍යෙෂ්ඨ උපදේශක චාර්ලි බෙල්  පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න