මේ දිනවල පැතිර යන ඇස් රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්න - වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල පැතිර යන ඇස් රෝගයෙන් දරුවන් ආරක්ෂා කරගන්න - වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනයන්හි දරුවන් අතර පැතිරෙන ඇස් රතු වීමේ රෝගය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හදන වෛරසය නිසා බෝවන්නක් විය හැකි බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා  පැවසීය.

තවද මෙය වෛරසයක් ද විය හැකි බවත්, අපිරිසුදු දෑතින් දෑස් ඇල්ලීමෙන් වැළකී සිටීමෙන් වෛරසය පැතිරීම වළක්වාගත හැකි බව ද ඔහු පැවසීය.

කාලයෙන් කාලයට ඇස් රෝග පැතිරෙන බවත් වෛරස් උණ සමඟ පැතිරෙන ඇස් රෝග පවතින බවත් ඔහු පැවසුවේය.

ඇස් රතු වීම, කබ ගැලීම, ඇසේ වේදනාව ලෙස රෝග ලක්ෂණ මතු විය හැකි බව ද හෙතෙම පැවසීය.

මෙම ඇස් රෝගය වෛරසයක් නිසා ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අතර දින පහකට වඩා මේ රෝගය පැවතුණහොත් ප්‍රතිකාර සඳහා යොමු විය යුතු බව ද ඔහු ප්‍රකාශ කළේය.

අත් දෙක සබන් දමා සේදිය යුතු අතර අපිරිසුදු අතින් ඇස් ඇල්ලීම සිදු නොකළ යුතු බවත් ඉතා පහසුවෙන් මේ වයිරසය බෝ විය හැකි බවත්, දරුවකුට ඇස් රෝගය පවතින්නේ නම් එය සුවපත් වන තෙක් නිවෙසෙහි තබාගත යුතු අතර පාසල් නොයවා සිටීමට මවුපියන් සැලකිලිමත් විය යුතු බව ද වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න