වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන කාලගුණයෙන් පවසයි

වැසි තත්ත්වයේ වැඩිවීමක් ගැන කාලගුණයෙන් පවසයි

ඉදිරි පැය 36ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් එම දෙපාර්තමේන්තු පෙන්වා දෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මී.මී 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර සහ දකුණ පළාත්වල උදෑසන කාලයේ දී ද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වෙයි.

තවද, අකුරැස්ස, මාලිම්බඩ, තිහගොඩ,කඹුරුපිටිය සහ මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගංවතුර යළි ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව එම ප්‍රදේශවල ජනතාවට දැනුම් දෙන්නේ, අවධානයෙන් කටයුතු කරන ලෙසයි.

තව ද බෝපේ පොද්දල, නාගොඩ සහ බද්දේගම ආශ්‍රිත ගංවතුර තත්ත්වය සුළු වශයෙන් වර්ධනය විය හැකි බැවින් විමසිලිමත්වන ලෙස ද එම ප්‍රදේශවල ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න