රාජ්‍ය ප්‍රතිපත්තියක් සැකසෙන්නේ මහ ජනතාව ගේ කිසියම් වූ අවශ්‍යතාවක් හඳුනා ගෙන එම අවශ්‍යතාව අනුව වුව ද, වර්තමාන ආණ්ඩුව පමණක් නොව පසුගිය දශක තුණ පමණ ගත් විට කිසිදු ආණ්ඩුවක් රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ දී මහජන අදහස් විමසා නැතැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මේ සඳහා හොඳම උදාහරණ දෙකක් ලෙස ගෝඨාභය රාපක්ෂ සමයේ රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිත කරන්නැයි පවසමින් ගෙන ගිය ව්‍යාපෘතිය සහ වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංකරණ වැඩපිළිවෙළ හැඳින්විය හැකි යැයි හෙතෙම අවධාරණය කළේ ය.
මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න විසිනි.
සටහන - ජයසිරි අලවත්ත
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
