ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වී තිබේ.
අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තාවේ.
මියයන විට ඔහු 64 වන වියෙහි පසුවිය.
ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රේමසිරි හේවාවසම් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අයෙකු වන අතර තිස් දහසකට අධික සිසු සිසුවියන් පිරිසකට රූපලාවණ්‍ය ශිල්පය බෙදා දී තිබේ.
තරුණි පුවත්පත මෙන්ම ජාතික රූපවාහිනී නුග සෙවන හරහා තම දැනුම බෙදා දුන් අපූරු නිර්මාණ ශිල්පියෙකු ලෙසට ප්‍රේමසිරි හේවාවසම් සැලකේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
