සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය !

සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය !

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලිසබ්‍රි විසින් ඉදිරිපත් කළ රාජ්‍යයන් සහ වාණිජ ආයතන අතර ඇතිවන මතභේද විසඳීම සඳහා ගිවිසුම් පදනම් කරගත් සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටු වීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

චීන රජය අදාල ජාත්‍යන්තර සංවිධානය පිහිටුවීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව චීන රජය විසින් උනන්දුවක් දක්වන රටවල් සමග සාකච්ඡා කර ඇති අතර එකී මූලික සාකච්ඡා කිහිපයකට ශ්‍රී ලංකාව ද සහභාගී කරගෙන ඇත.

ඒකාබද්ධ ප්‍රකාශය චීනය ඇතුළු රටවල් දහයක් විසින් අනුමත කර ඇතැයි රජය පවසයි.මෙම ඒකාබද්ධ ප්‍රකාශය අනුමත කිරීම මගින් දැනට ශ්‍රී ලංකාව එළැඹ ඇති ජාත්‍යන්තර වගකීමද කිසිදු බලපෑමක් සිදු නොවන බවට නිරීක්ෂණය වී ඇතැයි ද රජය පවසයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න