පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාව ප්‍රතිකේෂ්ප කරලා !

පොලිස්පතිගේ සේවා දිගුව ව්‍යවස්ථා සභාව ප්‍රතිකේෂ්ප කරලා !

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ තෙවැනි සේවා දිගුවද ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න ට තුන්වැනි සේවා දිගුව ලබා දුන්නේ පසුගිය 3 වැනිදාය.

ඔහුට මෙලෙස තුන්වැනි සේවා දිගුව දුන්නේ සති තුනක කාලයක් සඳහා වන අතර ඒ අනුව පොලිස්පතිගේ සේවා කාලය ලබන 24 වැනිදා අවසන්වීමට නියමිතයි .

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න ගේ සේවා දිගු අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවත් වාර්තා වෙයි .

මේ අතර තුන්වෙනි සේවා දිගුව අවසන් වීමෙන් පසු පොලිස්පති සිරි වික්‍රමරත්න ට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේද එසේ නැත්නම් නව පොලිස්පතිවරයකු පත් කරන්නේද යන්න සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි .

පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිවු දෙනකුගේ නම් රජයට දැනටමත් යෝජනා වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න