'පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟන්නට නොවේ' - ජනාධිපති

'පාර්ලිමේන්තුව තිබෙන්නේ රඟන්නට නොවේ' - ජනාධිපති

පාර්ලිමේන්තුව තිබෙන්නේ නීති සම්මත කරන්නට මිස රඟපාන්න නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

කාට හෝ රඟපාන්නට අවශ්‍ය නම් පාරට ගිහින් රඟපාන්නට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවේ පළමු පැයෙන් පසුව ප්‍රධාන වැඩ කටයුත්තට යන්නයි රීතියක් ගෙන එන ලෙස තමා යෝජනා කරන බව කී ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු කාලයේ ඇතැම් විට එක දෙක වන තුරු සභාවේ ප්‍රධාන කටයුතු ඇරඹෙන්නේ නැති බව සඳහන් කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, ඊයේ (21) දින පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත වීම ගැන සියලුදෙනාටම ස්තූතිවන්ත වන බවය.

එමෙන්ම මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ඇති කර ඇති බව පැවසු ජනාධිපතිවරයා, ලබන වසරේ දී ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අනිවාර්යයෙන්ම පවත්වන බව ද කියා සිටියේය.

ඉන් අනතුරුව 2024 වසරේ දී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න