ඉන්න බැරි ඕන කෙනෙක් ආණ්ඩුවෙන් යන්න - චාමර

ඉන්න බැරි ඕන කෙනෙක් ආණ්ඩුවෙන් යන්න - චාමර

ආණ්ඩුවේ ඉන්න බැරි ඕනෑම අයෙකුට ඉන් ඉවත්වීමට අවස්ථාව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (27) සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ආණ්ඩුවෙන් ඉවත් වන පිරිසට යාම සඳහා ඕනෑතරම් ආසන විපක්ෂයේ තිබෙන බවත් ආණ්ඩුවේ කැබිනට් ඇමතිකම් ලබාගැනීම සඳහා පෝලිමක් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

එහිදී වැඩිදුරටත් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය .

මාසයක් තිස්සේ මේ රටේ ක්‍රිකට් කියමින් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන ක්‍රියාවලියක් සිදු වුණා. මේ ආණ්ඩුව හැදුණේ කවුරුත් එකතුවෙලා .ආණ්ඩුව පණ ගහලා යන්න තියෙන වෙලාවේ ආණ්ඩුව කඩලා දාන්න වැඩපිළිවෙළක් තියෙනවා.

තමන්ට ඇමතිකම දුන්න නම් ඒකෙ කොන්ද පණ ඇතිව වැඩ කරන්න ඇමතිට පුළුවන්කම තියෙන්න ඕන.

ජනාධිපති ගැන සැකයක් තිබෙනවා නම් කැබිනට් එකේ ඉන්න බෑ.ඒක ගෙදර ගෑනිටයි මිනිහටයිද අදාළ යි. විශ්වාසයක් නැතිනම් ඉවත් වෙන්න ඕන.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න