සීමාව පනියි : රොෂාන් දොට්ට !

සීමාව පනියි : රොෂාන් දොට්ට !

ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර ඇති බව වාර්තා වන අතර ඒ අද (27) පාර්ලිමේන්තු ශාලා අංක තුනෙහි පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ය.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රොෂාන් රණසිංහ අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට අදාළ මෙම තීන්දුව අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගෙන ඇති නමුත් ඒ අවස්ථාව සඳහා ඔහුව සහභාගී කරගෙන නොමැත.

අනතුරුව අදාළ ලිපිය හිටපු අමාත්‍යවරයා වෙත ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත .

මේ සමඟ පුරප්පාඩු වන ක්‍රීඩා හා යෞවන කටයුතු සහ වාරිමාර්ග යන අමාත්‍ය විෂය පථ වෙනුවෙන් වන නව අමාත්‍යවරුන් පත්කිරීම ඉදිරි පැය කිහිපය තුළ සිදුකිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

දිගින් දිගටම අමාත්‍ය මණ්ඩල සාමුහිකත්වය බිඳහෙළමින්, රජය ද අපහසුතාවට පත්කරන හිටපු අමාත්‍යවරයාගේ හැසිරීම සම්බන්ධව තීන්දුවක් ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් වෙතින්ද ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී තිබිණ.

ඒ අනුව කැබිනට් සාමුහිඛත්වය රැකගනිමින් මහජන සුබසිද්ධිය පිණිස වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීන්දුව ගෙන ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න