දෙසැම්බර් 08 ඇරඹෙන වැඩ ගැන ලලිත්ගේ ජන්ම දින සැමරුමේදී රවී කියයි!

දෙසැම්බර් 08 ඇරඹෙන වැඩ ගැන ලලිත්ගේ ජන්ම දින සැමරුමේදී රවී කියයි!

දිවංගත හිටපු අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගේ 87 වැනි ජන්ම දින සැමරුම් වැඩසටහනක් අද (26) උදෑසන කොළඹ 07 කේම්බ්‍රිජ් පෙදෙසේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අසලදී පැවැත්විණ.

ඒ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ගේ ප්‍රධානත්වයෙනි . එහිදී රවී කරුණානායක මහතා විසින් ලලිත් ඇතුලත්මුදලි පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබිණ .

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ , අද දේශපාලනයට අවශ්‍ය ලලිත් ඇතුලත්මුදලි මහතා වැන්නන් බවත් අද ඒ හිස්තැන පේන්න තිබෙන බවත් ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මෙසේද සඳහන් කළේය.

අද ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වැන්නන් ගේ අඩුව දැනෙමින් පවතිනවා. එම නිසා එම වැඩපිළිවෙළ අප අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා.

පෝලිම් යුගයක් තිබුනා.රට බංකොලොත් වූ විට නැවත යථාතත්වයට පත් කිරීම ලේසි වැඩක් නොවෙයි.

මේ අවස්ථාවේ කල යුත්තේ දේශපාලන පොරපිටියක් ඇති කිරීම නොවෙයි.

මේ අය වැයෙන් මීට වැඩිය දෙයක් කරන්න තිබුනා නම් හොඳයි. නමුත් මේ අය වැය හොඳයි.

නිදහස ලැබුණු දා සිට කරගෙන එන්න නොහැකි වූ අවශ්‍ය කටයුතු දැන් ඉදිරියට කරගෙන යනවා. එදා කරන්න බැරි වෙච්ච දේවල් අද කලයුතුයි.

IMF වාරිකය ලැබෙන ස්වරූපයක් තිබෙනවා .ඒ අනුව දෙසැම්බර් 8 වැනිදා රටේ බංකොලොත්භාවය නැති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ වනු ඇතියි.

දේශපාලනය වෙන්දේසි නොකර හැම දේම නිකන් නොදී සිටිය යුතුයි. බංකොලොත්භාවය ඇතිවුනේ පොරොන්දු දේශපාලනය නිසයි.
දේශපාලකයන් ලෙස ඕනෑම වෙලාවක අප මැතිවරණයක් සඳහා සූදානම්.

බොහෝ දේ අහිමි උනා නේ.අද එක්සත් ජාතික පක්ෂයේ පරිණත භාවය පේන්න තිබෙනවා."

lalith 1

lalith 2

lalith 3

lalith 4

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න