සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ දැනුම් දීමක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන විශේෂ දැනුම් දීමක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා පවත්වනු ලබන විභාගය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩු කටයුත්ත අවසන් වූ පසු ලැබෙන නියෝගය මත අදාළ නිලධාරීන් ගුරු සේවයට බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය මේ බව සඳහන් කර ඇත.

එහි දක්වා ඇත්තේ, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ හැක්කේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුකූලව බව ය.

ඒ අනුව, සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිවල එකඟතාව ද ඇතිව විභාග පවත්වන දිනට වයස අවුරුදු 40 දක්වා දීර්ඝ කර, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතිය ඇතිව, බඳවා ගැනීමට අයැදුම් පත් කැඳවා එම විභාගය මෙම වසරේ මාර්තු මස 25 වන දා පැවැත්වීමට කටයුතු යොදා තිබුණු බව එහි සඳහන් ය.

කෙසේ වෙතත්, අදාළ නිවේදනයේ දැක්වෙන්නේ මාර්තු 23 වන දා එම නිලධාරීන්ගෙන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගොනු කර විභාගය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් ගෙන තිබුණු බව ය.

ඒ හේතුවෙන් එම නඩුව තවමත් විභාග වෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය සිය නිවේදනයේ දක්වා තිබේ.

මෙම බඳවා ගැනීමට බාධාවක් නොවන ලෙස අදාළ නඩුව කඩිනමින් අවසන් කර ගැනීම අධ්‍යාපන අමාත්‍යංශයේ අවශ්‍යතාව බව ද එහි දැක්වේ.

ඉන් අනතුරුව ගුරුවරුන් විශ්‍රාම යාම හා සේවය හැර යාම මත ඇති වූ පුරප්පාඩු සඳහා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව උපාධිධාරීන් බඳවා ගැනීමට පළාත් බලධාරීන් කටයුතු කරනු ඇති බව ත් විද්‍යා, ගණිත, විදේශ භාෂා උපාධිධාරීන් බඳවා ගැනීමට ගුරු සේවා ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇති බව ත් අදාළ නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත්, එම බඳවා ගැනීම් මගින් පුහුණුවන සංවර්ධන නිලධාරීන් බඳවා ගැනීමට බලපෑමක් නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.

එම අමාත්‍යංශය සඳහන් කරන්නේ, සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්‍ය සේවකයින් වන බව ය.

2019 වර්ෂයේදී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ, විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබා දී ඇති බව ද එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

guru

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න