Language Switcher

V2025

විදුලි බිල අඩු කිරීමේ යෝජනා පාර්ලිමේන්තුවට !

2024 ජනවාරි මාසයේදී විදුලි බිල අඩුකිරීම සඳහාවූ යෝජනා සම්බන්ධයෙන් වන වාර්තාව අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

බලශක්ති සහ ප්‍රවාහන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් අදාළ වාර්තාව සකස් කර තිබෙන අතර එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

අදාළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ , ජල විදුලි නිෂ්පාදනය ඉහළ යෑමේ වාසිය ජනතාවට ලබාදෙන්න කියා මෙම වාර්තාවෙන් විශේෂයෙන් යෝජනා කර තිබෙන බවය.

ඊට අමතරව සූර්ය පැනල සඳහා ඇති වැට් බද්ද ඉවත් කිරීම, නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහන ලබාදීම, විදුලි ගාස්තු ගෙවීම සඳහා පැකේජ ක්‍රමයක් හඳුන්වාදීම ආදී යෝජනා ද ඊට ඇතුළත් බවත් සඳහන් විය.