Language Switcher

V2025

රනිල් ගැන රවී කියයි : ධම්මික රිවර්ස් !

2024 මැතිවරණ වසරක් කිව්වට මොකද , කවුරුත් හෙව්වේ මුලින්ම එන මැතිවරණය මොකක්ද කියලයි .

කවුරුත් හොයපු ඒ පැනයට විසඳුම පසුගියදා ලැබුණේ , එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමේදී.

එහිදී ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වෙන බව ප්‍රකාශ වීමත් සමඟම දේශපාලන පක්ෂ නව වසර ආරම්භයේදීම ජනපති සටනට හිටු කියල වැඩ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් එන බව ජනපති රනිල් ප්‍රසිද්ධ කළේ විපක්ෂය මහ මැතිවරණ කතා කියද්දී.

දැන් තියන ආරංචිවල හැටියට රනිල් ජනාධිපතිවරණයට එන එක ෂුවර්. එජාප නායකයොත් දැන් ඒ ගැන කියන්න පටන් අරගෙන . ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙනවා කියලා , රවී කරුණානායක ත් ප්‍රකාශ කරලා තිබුනා.ල්

රනිල් විතරක් නෙමෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මාලිමවේ නායක අනුර දිසානායක, MJP නායක දිලිත් ජයවීර මේ වෙනකොටත් ජනාධිපති අපේක්ෂකයින් විදියට කැම්පේන් පටන් අරගෙන .

පහුගිය දවස්වල සල්ලි ගස් හොල්ලමින් , දේශපාලන පිටියේ ලොකුවටම කැම්පේන් එක පටන් ගත්තේ ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා. ඒ, පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට. ඔන්න දැන් පොහොට්ටුව ඇතුලේ කතාවක් යනවා.. ''ධම්මික ලේෆට්'' කියලා .

බැසිල් ඇමරිකාවට යන්න ඉස්සෙල්ලා , පහුගිය දෙසැම්බර් 15 වෙනිදා පොහොට්ටු සම්මේලනයක් තියලා , ධම්මික පෙරේරාට ඉස්සරහ පුටුවක් දීලා ජනාධිපති අපේක්ෂකයා විදියට සිග්නල් එක දීපු දවසේ ඉඳලා , පොහොට්ටුව ඇතුලේ ලොකු බරබරයක් කියල අපි පහුගිය ටිකේම කිව්වා මතකනේ.

ආරංචි හැටියට දැන් ධම්මික දානවට රාජපක්ෂ පවුලේ කට්ටියත් කැමති නැ ලු. ඒකේ පෙරමුණ අරන් තියෙන්නේ , මහින්ද ලොක්කගේ නෝනා මහත්තයා , ශිරන්ති ලු.

ධම්මිකට ජනාධිපති අපේක්ෂක කම දෙන්න කොන්දේසි 10 ක් දාලා කියලා , කතාවක් පහුගිය ඔය හැම මාධ්‍යයක ම ගියා මතකනේ. දැන් එන ආරංචිවල හැටියට ඒක ධම්මික ගේ ම ප්ලාන්ට් එකක්. ඒ කොන්දේසි 10 න් කියන්න ධම්මික දැනටත් කරන ඔය ජොබ් දෙන, තාක්ෂණික පුහුණුව දෙන ප්‍රොජෙට්. ඔය කොන්දේසි දැම්මේ කව්ද කියලා , ප්‍රසන්නලා හොයද්දී නාමල් ලත් මීක් නෑලු.

ආරංචි විදියට ධම්මික ව පොහොට්ටුවේ අපේක්ෂකයා විදියට දැම්මොත්, පොහොට්ටුවේ කියලා ඉතුරු වෙන්නේ, ධම්මිකගේ මාසික පඩි ලයිස්තුවේ ඉන්න මන්ත්‍රී ල දහ පහළොස් දෙනා විතර ලු. ඒකත් ෂුවර් නෑ කියලයි මධුරලා කියව කියවා යනවයි කියන්නේ.

වැඩේ අවුල් කියලා , නාමල්ට වගේම බැසිල්ටත් මීටර් වෙලා ලු. ධම්මික අපේ අපේක්ෂකයා නෙමෙයි කියලා ප්‍රකාශයක් කරන්න කියලා බැසිල් , පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් ට කියලා කියපු වෙලාවේ ඉඳල සාගර හැංගිලා කියලයි කතාව යන්නේ.

ඒ කතාවල ඇත්ත බොරු මොනවා වුනත්, චන්දේ ඉල්ලන සීන් වලින් රිවස් වෙන්න ධම්මික ත් තීන්දුවක් අරගෙන කියලයි කතාව යන්නේ. ඒත් බැසිල් අද හෙට ආවට පස්සේ ඒ ගැන හරි හමන් තීන්දුවක් ගමු කියලා , බට්ටා එහෙමත් නැත්නම් හිටපු පළාත් සභා මන්ත්‍රී ගාමිණී ගුණරත්න කිව්වා ලු..

ආරංචි විදියට ධම්මික රිවස් වෙන්න බලපාලා තියෙන්නේ පොහොට්ටුව ඇතුලේ විරෝධය විතරක් ම නෙමෙයි. ධම්මික පෙරේරාගේ පැටිකිරිය අනාවරණය කරලා හෙට අනිද්දා ප්‍රකාශයට පත්කරන්න යනවයි කියන බ්ලැක් බුක් එකලු. ධම්මිකගේ සියලු කෙරුවන් ''බ්ලැක් බුක් '' එකෙන් එලියට දාන්න යනවා කියලා මුලින්ම කිව්වෙත් ''ද ලීඩර්''

ඔය කෙහෙල්මල් දේශපාලනෙන් අයින් වෙන්න කියල ඔන්න දැන් ධම්මික ගේ පවුලේ කට්ටියම බර බරේ දාන්න පටන් අරන් ලු.

'' සර්ගේ මේ දේශපාලනේ නිසා අපේ බිස්නස් වලටත් ප්‍රශ්න එන්න ඉඩ තියනවා..'' -ධම්මිකගේ කම්පැනිවල ලොක්කෝ කියන්න පටන් අරන් ලු.

ධම්මිකගේ, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් ලබාදීමේ “ඩී.පී.එඩියුකේශන් සිලිකන් වැලි අයි.ටී.ඔෆිස්” වැඩසටහන පහුගිය 10 වෙනිදා තිස්සමහාරාමයෙන් ආරම්භ කෙරුවා.

රාජපක්ෂ බලකොටුවේ තිබුන ඒ උත්සවේට රාජපක්ෂලා තියා කිසිම දේශපාලනඥයෙක් පැත්ත පළාතක වැද්දගෙන තිබුනේ නෑ .

'' මිනිස්සුන්ට මේ දේශපාලනඥයෝ එපා වෙලා. තිස්සමහාරාම උත්සවේට අපි දෙමාපියන්ගේ ළමයින්ගේ කතා අහල මට පුදුම දුකක් හිතුනේ. ඒ මිනිස්සු දේශපාලකයින්ට සාප කරනවා.. '' - ධම්මික එදා උත්සවේට ගිහින් එන ගමන් එයාගේ හිතවත්තු කීපදෙනෙකුට ම කිව්වා කියලයි කතාව යන්නේ.

'' ඒ කියන්නේ ලොක්ක රිවස් වෙන්න වගේ යන්නේ '' - ධම්මිකගේ හිතවත්තු දැන් කියන්න පටන් අරගෙන .

දේශපාලනය කරන්න තියෙන ධම්මිකගේ අයිතියට හරස් වෙන්න කාටවත් බෑ. හැබැයි ඉතිං ධම්මික තීරණය ගන්න ඕන නොදන්නා ගොවිතැනට ගොහින් අහවල් එක නැතිකර ගන්නවාද කියලා !

  • දේශපාලන වාර්තාකරු