සජබ අවුලේ වාසිය ජනපතිට !

සජබ අවුලේ වාසිය ජනපතිට !

''VAT එක ගහලා ජනතාව FLAT වෙලා ඉඳිද්දී ආණ්ඩුව මහ මුහුද මැද්දේ පාටි දානවා!
බාල බෙහෙත් ගෙනාපු අය උසාවියේදී හෙළිවෙමින් තියෙනවා!
කෙහෙළියව ආරක්ෂා කරන්න අත උස්සපු 113 දෙනාම දේශද්‍රෝහීන්! ''

ඔන්න ඒ කියන්නේ ජනවාරි 11 වෙනිදාත් විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් එල්ල කෙරුණා.

ඒත් ඉතින් සමහරු නම් කියන්නේ චමින්ද විජේසිරිට සල්ලිදීලා මන්ත්‍රීකම සජිත් ගේ නොන මහත්තයාගේ මස්සිනාට අරන් දීපු එකට විරුද්දව, සමාජ මාධ්‍යවලින් එල්ලවෙන දැඩි ප්‍රහාර නිසා අවුලකට ගිය සජිත් , ඒක වෙනත් පැත්තකට යොමුකරන්න ඊයේ පාර්ලිමේන්තුවේදී පොඩි රඟපෑමක් කළා කියලයි.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා, නයන වාසලතිලක පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය බ්‍රහස්පතින්දා දවල් වෙද්දී මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර කරලා තිබුනා.

ඒ අස්සේ පක්ෂයට අලුතෙන් ජනප්‍රිය චරිත එකතුකර ගන්න සීන් එක ගැනත්, සජිත්ට එරෙහිව පක්ෂය ඇතුළෙන්ම විරෝධයක් මතුවෙන්න පටන් අරගෙන. ඒ වෙනින් මොකුත් නිසා නෙමෙයි , තමුන්ට ලබන පාර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න බැරි වෙයි කියලා තියන බය. ගිය සැරේ කළුතර අජිත් පෙරේරා ට, කොළඹ හිරුනිකාට වෙච්ච දේ මෙදා සැරේ තමුන්ට වෙයිද කියලා තියන බය.

ඔය සජබ අවුල්වලින් වාසි ගන්නේ ජනාධිපති වික්‍රමසිංහ.

ජනාධිපති වික්‍රමසිංහට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව දිහා බැලුවහොත්, වැඩිම ඇමතුම් එන්නේ සජබෙන් කියලා, පොහොට්ටු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පාර්ලිමේන්තුවේදී කියලා තිබුනා.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී බනින අය, ඔහුට දුරකථන ඇමතුම් දී හුරතල් වෙනවා කියලා අලුත්ගමගේ කිව්වේ බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී.

"ජනාධිපති ලේකම් කාර්යාලයට යන කොට, ඇත්තටම අපට ඉඩක් නෑ. සජබෙ අයගෙන් ජනාධිපති තුමාගේ කාර්යාලය පිරිලා. හෙට අනිද්දා වන විට සජබෙ කී දෙනෙක් ජනාධිපතිතුමා සමග හිටගනීවිදැයි විපක්ෂ නායකතුමාට බලාගන්න පුළුවන් '' කියලත් අලුත්ගමගේ කියනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න