සමන් රත්නප්‍රියගේ මැදිහත්වීමෙන් බෙල්ලංවිලට නව ක්‍රීඩාංගණයක් !

සමන් රත්නප්‍රියගේ මැදිහත්වීමෙන් බෙල්ලංවිලට නව ක්‍රීඩාංගණයක් !

ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ඔප් නැංවීමේ සහ තරුණ තරුණියන්ගේ මානසික සහනය සඳහා ගෙනයන වැඩපිළිවෙලේ එක් වැඩසටහනක් ලෙස බෙල්ලන්විල ප්‍රදේශයට නව ක්‍රීඩාංගනයක් ලබාදීම එක්සත් ජාතික පක්ෂයේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රියගේ ප්‍රධානත්වයෙන් ඊයේ, (24) සිදු කෙරිණ.

බෙල්ලන්විල ප්‍රදේශයේ තරුණ තරුණියන්ට ක්‍රීඩා කිරීමට නිසියාකාර ක්‍රීඩාංගනයක් නොතිබීම හේතුවෙන් ඔවුන් විවිධ දේශපාලනික සහ විවිධ පුද්ගලයන්ගෙන් ක්‍රීඩාංගනයක අවශ්‍යතාවය සපුරාලන ලෙස ඉල්ලා තිබිණ .

එම ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාරයක් දක්වමින් කැස්බෑව එජාප ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් බෙල්ලන්විල විහාර මාවතේ දිවුල් පිටිය පාරේ ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු ඉඩමක් ක්‍රීඩාංගනයකට සුදුසු පරිදි සකස් කොට ලබාදී තිබේ.

ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ පූර්ණ මැදිහත්වීමෙන් සිදුකෙරුණු මෙම ක්‍රීඩාංගනය ලබාදීමේ අවස්ථාවට
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සභාපති කොමදෝරු හිරාන් S. බාලසූරිය ද සහභාගි වී සිටියේ ය.

එසේම කැස්බෑව එක්සත් ජාතික පාක්ෂිකයින් විශාල පිරිසක්ද බෙල්ලන්විල ක්‍රීඩා සමාජයේ නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ක්‍රීඩාංගණය නිල වශයෙන් බෙල්ලන්විල ක්‍රීඩා සමාජයේ සභාපති හට බාරදීමෙන් අනතුරුව පිරිස සුහද ක්‍රිකට් තරගයක් සඳහා ද සහභාගී වූහ.

පසුව මාධ්‍ය ඇමතු එජාප කැස්බෑව ප්‍රධාන සංවිධායක සමන් රත්නප්‍රිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ තරුණ තරුණියන් සවි බල ගැන්වීමේ වැඩසටහන පිළිබඳව ද අදහස් දැක්වීමක් සිදුකළේ ය.{gallery}bellanwila{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න