ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම කළ යුත්තේ ඉලක්කම්වලින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි .
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.ඒ.එල්.එම්. රත්නායක සඳහන් කරන්නේ අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කිරීමේදී 1 ඉලක්කමෙනුත් මනාපයන් 2 හා 3 ඉලක්කමෙනුත් සටහන් කළ යුතු බවයි.
මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරියේදී සිදු කරන බවද ඔහු සඳහන් කළේය .
ඡන්ද ගණන් කිරීමේදී මුල් වටයේදීම අපේක්ෂකයෙකුට අංක එක සඳහන් වන මනාපය ගණන් කරන බවත් එහිදී සමස්ත ප්‍රතිවලින් 50%ක් කිසියම් අපේක්ෂකයෙකු ලබාගෙන තිබුණහොත් මනාප ගණන් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවද ඔහු පැවසීය .
නමුත් එසේ නොවුවහොත් පළමු සහ දෙවැනි අපේක්ෂකයන් ඉතිරි කර දෙක හා තුන්වන මනාප ගණන් කිරීම සිදුකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
