ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි

ඡන්දෙදි සල්ලි වැඩියෙන් විසි කළොත් පුටුව නැතිවෙයි

ජනාධිපතිවරණයේ ප්‍රචාරක වියදම් අනුමත සීමාව ඉක්මවා දැරුවහොත් ජනාධිපති ධුරයට පත්වන තැනැත්තාගේ එම ධුරය අහිමි කිරීමට පවා නීතිමය ප්‍රතිපාදන ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අපේක්ෂකයන්ගේ වියදම් සම්බන්ධයෙන් කොළඹදී ඊයේ (16) පැවැති වැඩමුළුවකදීය.

අනුමත සීමා ඉක්මවා ප්‍රචාරක වියදම් දැරීම නීති විරෝධී බව සඳහන් කල කොමසාරිස් ජනරාල්වරයා, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ නීතියේ අඩංගු කරුණු කොමිෂන් සභාව බලාපොරොත්තු වූ ආකාරයෙන්ම සිදුවී නොමැති බව ද පැවසිය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් කිරීමට ඉඩ නොතැබිය යුතු බවය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක,

"අපි පටන් ගත්තු තැන සිතපු දේවල්... සිතූ ආකාරයට ඒ සියල්ල මේ ලේඛනය තුළ නොමැති වුණත් යම්කිසි ආකාරයකට අපිට ලැබිච්ච දේ තුළින් මේ කාර්යය මේ මට්ටමින් කරගෙන යන්න කොමිෂන් සභාව උත්හාස දරනවා."

"මුදල් නැතිව මැතිවරණයක් කරන්න බැහැ. ඒ වගේම මැතිවරණය කරද්දි මුදල් ඉස්සර කරගෙන ඡන්දදායකයන්ව පාරිභෝගිකයන් බවට පත් වෙන්නත් බැහැ."

"මේ මුදල් නිසා ඡන්දදායකයන් විකිණෙන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න