ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් වූ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු ගේ මන්ත්‍රී පුරප්පාඩුව වෙනුවෙන් තරුණ හා කාන්තා නායකත්වයක් ලබා දිය හැකි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පත් කරන ලෙසට සමගි ජන බලවේගයට සම්බන්ධ කාන්තා සංවිධාන විසින් ඉල්ලා ඇති බවට වාර්තා වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ මන්ත්‍රී ධුර අහිමි වීමෙන් හරින් ප්‍රනාන්දු දැරූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ දක්වා පුරප්පාඩුව පවතී.
කෙසේ වුවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ , සමගි ජන සන්ධානය නියෝජනය කරන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් උපරිම මැදිහත්වීමක් ලබාදී කටයුතු කරන මාධ්‍ය ආයතන හිමිකරුවෙකුගේ බලපෑම මත එකී මන්ත්‍රී පුරප්පාඩුව හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ට නොදීමට තීරණය වී ඇති බවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
