වතුකරය ඒකජන්දයෙන් රනිල්ට

වතුකරය ඒකජන්දයෙන් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොන්ග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

මේ බව සඳහන් කෙරුණේ අද (18) හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සභාවේ හමුවෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ය.

එහිදී එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොන්ඩමන් පවසා සිටියේ , තම පක්ෂයේ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගනුලැබූ බවයි.

ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදය අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි රට ගොඩනඟමින් දියත් කළ වැඩපිළිවෙළ මෙන්ම වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට කටයුතු කිරීම සහ වතු යටිතල ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් දැක්වූ දායකත්වය සැලකිල්ලට ගෙන ඒකජන්දයෙන් මෙම තීන්දුව ගැනීම සිදුවූ බවද ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න