දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම Online ක්‍රමයට

දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන් කිරීම Online ක්‍රමයට

අන්තර්ජාල සේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම්  ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අද (අගෝ. 23) සිට www.pravesha.lk වෙබ් අඩවිය මගින් මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීමට හැකි ය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහගේ සහභාගීත්වයෙන් ඊයේ (අගෝ. 22) පෙරවරුවේ නෙළුම් කුළුණ පරිශ්‍රයේදී මෙම එළි දැක්වීම සිදු කර ඇත.

දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිල දී ගත හැකි වන අතර මුදල් ගෙවූ පසු කෙටි පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකතනය වෙත ප්‍රවේශපතේ QR කේතය ලබා ගත හැකි ය.

එම QR කේතයට අදාළව දුම්රිය ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළ දී පමණක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වේ.

ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබා ගත හැකි ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න