එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක අද (24) අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 76 වියේ පසු විය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මුණුපුරා, එජාප ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ රුක්මන් සේනානායක 1973 දී දේශපාලනයට පිවිසියේ දැදිගම ආසනයෙනි.
1994 දී නැවත පාර්ලිමේන්තුවට පිවිසි ඔහු 2004 මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දිනා ගත්තේය.
රුක්මන් සේනානායක 2002 සිට 2004 දක්වා පරිසර හා ස්වභාවික සම්පත් කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.
ඉන්පසු ඔහු 2007 වසරේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
