ගුරු - ගෝලයා එකම වේදිකාවක.....

ගුරු - ගෝලයා එකම වේදිකාවක.....

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයෙකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මඩකලපුව අද (24) පැවති මහජන රැළියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය ට ආශීර්වාද කළේය. 

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති (ටී.එම්.වි.පි) පක්ෂයේ නායක ඇමති ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) සංවිධානය කළ "පුලුවන් ශ්‍රී ලංකා" මහජන රැළිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති අතර මහජන රැළියේ වේදිකාවට ගොඩවූ සිවලින්ගම් ගුරුතුමා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය.

මේ වන විට විශ්‍රාම සුවයෙන් මඩකලපුව සිය නිවසේ පදිංචිව සිටි 98 වියැති බී. සිවලිංගම් සිය ශිෂ්‍යයෙකු වන රනිල් වික්‍රමසිංහ මඩකලපුවට පැමිණෙන බව සැලවීමෙන් පසු මෙම රැළියට පැමිණ තිබුනි.

රනිල් වික්‍රමසිංහ ට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , අනුර බණ්ඩාරනායක , මලික් සමරවික්‍රම ඇතුලු ඇමති මණ්ඩලයේ බහුතරයකට එතුමා අධ්‍යාපනය ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය කතාවේදී සිහිපත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න