දියුණු ආර්ථිකයක් හිමි දකුණු කොරියාවේ ධිවර අංශයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයන්ට අවස්ථාව ලැබී තිබෙන අතර මෙලෙස අවස්ථාව ලැබූ 120 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගියදා කොරියාව බලා පිටත්ව ගිය බව, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
එම පිරිසට කාන්තාවන් තිදෙනෙකු ඇතුලත්වේ. ඔවුන් කොරියාව බලා පිටත්වීමට පෙර, දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගියදා (25) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදි.
දකුණු කොරියානු රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමට අනුව මෙම රැකියා අවස්ථාව ශ්‍රි ලංකාවට ලැබී ඇත. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
