ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයා ජනපති හමුවෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක  සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස්  (Paul Stephens) අතර හමුවක් අද (02) පෙරවරුවේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

මෙහිදී පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා ලබාගත් ජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු රජයේ උණුසුම් සුබපැතුම් පිරිනැමූ එරට මහකොමසාරිස්වරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් කැපවී සිටින බව ද ප්‍රකාශ කළේය.

සමුද්‍රීය ආරක්ෂාව, දේශසීමා පාලනය සහ ත්‍රස්ත විරෝධී ප්‍රයත්නයන් ඇතුළු ප්‍රමුඛ ක්ෂේත්‍ර සඳහා ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු රජයේ අඛණ්ඩ සහාය ලබාදෙන බවට මහකොමසාරිස්වරයා මෙම හමුවේදී සහතික විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහනට ද ඕස්ට්‍රේලියාවේ සහාය හිමිවන බවත්, ශ්‍රී ලංකාව තුළ සෘජු විදේශ ආයෝජන (FDIs) ප්‍රවර්ධනය කිරීමට ඕස්ට්‍රේලියාව උනන්දුවෙන් පසුවන බවත් මහකොමසාරිස්වරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීම සඳහා තීරණාත්මක අංගයක් ලෙස ආර්ථිකයේ විනිවිදභාවය පවත්වා ගැනීමේ වැදගත්කම ද ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් සිටීවන්සන්  මෙහිදී පෙන්වා දුන්නේය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න