ගොවි ජනතාවගේ පොහොර සහනාධාරයට අනුමැතිය

ගොවි ජනතාවගේ පොහොර සහනාධාරයට අනුමැතිය

රුපියල් 25,000ක පොහොර සහනාධාර මුදල් ගොවි ජනතාවට ලබා දීම එළැඹෙන සඳුදා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්  පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (ඔක්. 8) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.

මුල්ම අදියරයේදී ගොවීන් සඳහා රුපියල් 15,000ක පොහොර සහනාධාර දීමනාව ලබා දෙන බව ත් දෙවන අදියරයේදී රුපියල් 10,000ක දීමනාව ලබා දීමට කටයුතු කරන බව ත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, ක්‍රමානුකුලව පොළොන්නරුව, අනුරාධපුර සහ මහියංගනය, මහවැලි කලාපවල ගොවි ජනතාවට පොහොර සහනාධාර දීමනාව ලබා දීමට කටයුතු කරන බව ය.

“හෙක්ටයාරයකට රුපියල් 10,000 තිබුණ පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා වැඩි වෙනවා. එය ලබා දීමේ කටයුත්ත මුලින් ම මේ මහ කන්නය ආරම්භ වෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. ලබන සතියේ සඳුදා වෙනකොට අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට මේ පොහොර සහනාධාරය වැඩි කරපු එක ලබා දෙන්න කටයුතු කරනවා. පලවෙනි අදියර විදිහට රුපියල් 15000ක දීමනාවත්, දෙවන අදියර රුපියල් 10,000ක දීමනාවත් සම්පුර්ණ වශයෙන් රුපියල් 25,000ක පොහොර සහනාදරය ලබා දෙනවා. ඊට පස්සේ පොළොන්නරුව, අනුරාධපුර, ඒ වගේම මහියංගනය, මහවැලි කලාපවල ගොවිජනතාවට ක්‍රමානුකූලව මෙය ලබා දෙන්න කටයුතු කරනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න