මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8352 ක් තරග වදින බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඉන් වැඩිම පිරිසක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළ අතර එම සංඛ්‍යාව, 966 කි.
මැතිවරණයට කොළඹින් ඉදිරිපත්ව සිටි කණ්ඩායම් සංඛ්‍යාව, 50ක් ය.
ඉන්, කණ්ඩායම් 46 ක නාම යෝජනා පිළිගත් බව, කොළඹ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ සදහන් කරන ලදි.
ඒ අතරට පිළිගත් දේශපාලන පක්ෂ 27 ක් සහ ස්වාධීන කණ්ඩායම් 19 ක් ඇතුළත් වේ.
අඩුම අපේක්ෂකයින් පිරිසක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිටින අතර එම සංඛ්‍යාව, 120 කි.
ඒ අතර පිළිගත් දේශපාලන පක්ෂ 13 ක් සහ ස්වාධීන කණ්ඩායම් 2 ක් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
