අසිරිමත් නත්තල උදාවෙයි

අසිරිමත් නත්තල උදාවෙයි

සාමයේ හා සහජීවනයේ අසිරිමත් පණිවිඩය ලොවට ගෙන ආ කිතු සමිඳාණන්ගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට (25) යෙදී තිබේ.

දේව මෙහෙයන් හා රතිඤ්ඤා හඬ මැද ඊයේ (24) මැදියම් රැයෙන් අසිරිමත් නත්තල උදාවිය. කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ මූලිකත්වයෙන් මෙවර ජා-ඇළ වික්ෂෝප මාතා දෙව් මැඳුරේදී මධ්‍යම රාත්‍රී ප්‍රධාන නත්තල් දේවමෙහෙය පැවැත්විණි.

බෙත්ලෙහෙමේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුවිශේෂ උපත සැමරීම වෙනුවෙන් නත්තල් උත්සවය පවත්වන අතර නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ සහභාගි වන ප්‍රධාන දේව මෙහෙය වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවේදී පැවැත්විණි.

රට පුරා කිතුනු ජනතාව මෙවර නත්තල් උත්සවය සැමරීමට මහත් උනන්දුවෙන් කටයුතු කරන ආකාරය දැකගත හැකි අතර කිතුනු දේවස්ථාන රැසක සාම්ප්‍රදායිකව පැවැත්වෙන කැරොල් ගී ප්‍රසංග මෙන්ම නත්තල් ගස් හා ගවලෙන් සකසමින් ජේසු බිලිඳාගේ උපත සිහිපත් කෙරෙන නත්තල සැමරීමට කිතුනු ජනතාව මහත් හරසරින් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.

අදින් වසර 2024කට පෙර දිනෙක බෙත්ලෙහෙම් අහස් කුසේ දීප්තිමත් තාරකාවක් පායා තිබුණේ ලොවට බිහිවන ගැලවුම්කරුවාණන් පිළිබඳ සුබ පෙරනිමිති පහළ කරමිනි. ලෝවැසියන් පාපයෙන් මුදා ගැනීමට උපන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ, සියල්ලන් දුකින් මුදා ගැනීම සඳහා බාධා රැසක් මැද ඉටුකළේ සුවිශාල මෙහෙයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න