ජනතාවට රජයෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතුයි - අගමැතිනී

ජනතාවට රජයෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතුයි - අගමැතිනී

පහුගිය මාස කීපය තුළ රාජ්‍ය සේවකයින් ලබා දුන්න සහයෝගයට ස්තූතිවන්ත වන බවත්, නව වසරේ පෙරටත් වඩා මහන්සියෙන් උද්යෝගයෙන් යුතුව ජනතාවට රාජ්‍ය සේවයෙන් ඉටු විය යුතු සේවය ඉෂ්ට කරන්න සියලු දෙනාම කැප විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද ඇරඹී clean Sri lanka වැඩසටහනට සමගාමීව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ කටයුතු ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් වරුන්, සහකාර ලේකම්වරුන් ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සියලු නිලධාරීන් එක් විය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න