ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අද (19) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා ගාල්ල, කපුහෙන්පොළ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

1949 වසරේ ජුනි 26 වනදා උපත ලැබූ අයිවන් මහතා මියයන විට 75වන වියේ පසුවිය.

අයිවන් මහතා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වේ.

80 දශකය අගභාගයේ බිහි වූ රාවය පුවත්පතේ සමාරම්භක කතෘවරයා වූ වික්ටර් අයිවන් මහතා, ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක සාමාජිකයෙකු ද වේ.

මෙරට දේශපාලනික කෘතින් ගණනාවකම කතෘවරයා ද වන ඔහු, දේශකයෙකු ලෙස සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සුවිශාල මතවාදී මැදිහත්වීමක් සිදුකළ අයෙක්ය.

ඔහු විසින් රචිත දේශපාලනික කෘතින් අතර 71 කැරැල්ල, නොනිමි අරගලය, චෞර රැජින සහ දේශපාලනයේ පවුල හා කුලය යන ග්‍රන්ථ පාඨකයන් අතර වඩාත් ප්‍රචලිත විය.

අද දෙරණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න