මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාලන සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.
එමගින් වයඹ සහ අනුරාධපුර කෘෂිකර්මාන්තය දියුණු කිරීමට හැකියාව ලැබෙන බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මෛත්රීපාල සිරිසේන ගේ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
පොළොන්නරුව දිස්ත්රික්කයේ ගොවිතැන් හා දේපල විනාශ වන ආකාරයට අධික වර්ෂාව නිසා පොදු මහජනතාවට විශාල පීඩාවක් සහ අලාභ හානි සිදුවී ඇත. මෙයට ප්රධාන හේතුව වී තිබෙන්නේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශ වලින් එකතු වන ජලය පොළොන්නරු දිස්ත්රික්කයේ සහ මිනිපේ ජලාශයට පමණක් ගලායන බැවිනි.
2019 වර්ෂය වන විට මා විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන් යන ජලයට කි.මී. 15 ක් 20 ක් පමණ ඇලමාර්ග ඉදිවෙමින් පැවැතුනි. එහෙත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරිම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්රියාත්මක වුයේ නැත. එම කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණි. 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය වනවිට වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුනේනම් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත.
මේ පිළිබඳව වර්තමාන රජයේ අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පලාතට ජලය ගෙනයන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහමුහුදට විශාල ජලප්රමාණයක් ගලාබසියි. වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට ඇති ජලය මොරගහකන්දෙන් අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිකිරීමට කටයුතු කරන ලෙසට වර්තමාන රජයෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
| lankadeepa