අකටයුතුකම් දැනුම් දෙන්න දුරකතන අංකයක්

අකටයුතුකම් දැනුම් දෙන්න දුරකතන අංකයක්

මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීති විරෝධී ක්‍රියා පිළිබඳ දැනුම් දීමට පොලිසිය කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

එම අංකය වන්නේ 1997 වන අතර, පැය 24 පුරා විවෘතව පවතියි.

එහි ප්‍රධාන මෙහෙයුම් මැදිරිය, පොලිස් මූලස්ථානයට අනුයුක්තව විශේෂ කාර්යාංශ මූලස්ථානයේ ස්ථාපිත කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ, එම දුරකතන අංකයට ලැබෙන තොරතුරු පිළිබඳව පූර්ණ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටයි.

ඒ අනුව 1997 කෙටි දුරකතන අංකයට විෂ මත්ද්‍රව්‍ය, අපරාධ, මහා පරිමාණ දූෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියා, රජයේ වාහන හා දේපොළ අවභාවිතා කිරීම, සැඟවීම හෝ පැහැර ගැනීම සම්බන්ධව තොරතුරු දැනුම් දිය හැකියි.

විදේශ සංචාරකයින්ට සිදු වන හිරිහැර, කරදර හෝ ආරක්ෂාවට බලපාන කරුණු, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුළ ක්‍රියාත්මක නවක වද සිදුවීම්, පොලිස් නිලධාරීන් විසින් සිදු කරනු ලබන වංචා, අල්ලස් ලබා ගැනීම වැනි අකටයුතුකම් හා පරිසර වැරදි පිළිබඳ තොරතුරුද එම අංකයට දැනුම්දිය හැකි බව පොලිසිය දැනුම් දෙයි.

පොලිසිය පැවසුවේ, උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිටින මහ ජනතාවට දමිළ බසින් "107" කෙටි දුරකතන අංකය ඔස්සේ තොරතුරු ලබා දිය හැකි බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න