ඩෑන් ප්‍රයසාද්ව ශරීර ඇප මත මුදා හැරේ

ඩෑන් ප්‍රයසාද්ව ශරීර ඇප මත මුදා හැරේ

සිය ඥාතියකු සමග ඇතිකරගත් දේපල ආරවුලකට අදාලව අධිකරණය හමුවේ පැවති නඩුවක පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී වැල්ලම්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ඩෑන් ප්‍රයසාද් නැමැත්තා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල  අද (13) නියෝග කළේය.

කොළඹ ප්‍රදේශයේ දේපලක් සම්බන්ධයෙන් සැකකාර ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඔහුගේ ඥාතියකු සමග එසේ ආරවුලක් ඇතිකරගෙන තිබී ඇති බවත් පසුව සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

එසේ කැඳවා තිබූ නඩු වාරයක් සඳහා සැකකාර ඩෑන් ප්‍රියසාද් නමැත්තා පෙනී නොසිටීම සම්බන්ධයෙන් අධිකරණය මගින් ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබුණි.

වරෙන්තු මත සිටි සැකකාර පුද්ගලයා වැල්ලම්පිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව එසේ ඇප මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වෙනත් නඩුවක් සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය මගින් සැකකාර පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන අතර බන්ධනාගාර නිලධාරීන් මගින් ඔහුව අද අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න