සිරි දළදා ප්‍රදර්ශනයේ රාජකාරීවල සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

සිරි දළදා ප්‍රදර්ශනයේ රාජකාරීවල සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ දීමනාවක්

"සිරි දළදා වන්දනාව" විශේෂ දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් රාජකාරිවල යෙදී සිටින පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් සහ සංයුක්ත දීමනාවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.

අද (18) දිනයේ සිට එළැඹෙන 27 වැනි දින දක්වා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වීමට නියමිත විශේෂ දළදා ප්‍රදර්ශනය සඳහා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මේ සඳහා සහභාගී වන සියලුම පොලිස් නිලධාරීන්ට විශේෂ ගමන් වියදම් හා සංයුක්ත දීමනාවක් ලබා දීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලීසිය වෙත උපදෙස් ලබා දී තිබේ.

මේ අනුව විශේෂ රාජකාරි යෙදි සිටින නිලධාරීන්ට තම සේවා ස්ථානයෙන් බැහැරව දින 10කට අධික කාලයක් දිවා සහ රාත්‍රි කටයුතු සිදු කිරීම හේතුවෙන් එම නිලධාරීන්ට දැරීමට සිදුවන අමතර වියදම් සලකා බලා මෙම විශේෂ දීමනාව ලබා දීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න