ජනාධිපති හදිසියේම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණයක

ජනාධිපති හදිසියේම සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරීක්ෂණයක

දකුණු පළාත තුළ ව්‍යාප්ත වෛරස් උණ රෝගය පාලනය සහ ප‍්‍රතිකාර වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ  සොයා බැලීමට ජනපතිවරයා ඊයේ (28)  හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරීක්ෂණයක නිරතව ඇති බවත් එහිදී මුදල් ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගෙන රෝගින්ගේ ප‍්‍රතිකාර කටයුතු සහ රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා ලෙස  සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කරන නිවේදනයක මේ බව සඳහන් වන අතර එමෙන්ම ප‍්‍රතිකාර කටයුතු සඳහා  අවශ්‍ය උපකරණ සහ ඖෂධවල අඩු පාඩු පවතින්නේ නම් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි අවශ්‍යතාවයක් සේ සලකා එය ලබාදීමට තමාට හැකි බව ද ජනාධිපතිතුමා සඳහන් කල බවත්  එසේ නොමැතිනම් ඒ පිළිබඳ  ලේඛනයක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙසත් එය අනිද්දා දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළ බවද එම නිවේදනයේ සඳහන්ය.

ප‍්‍රතිකාර කටයුතු සිදුකිරීමේ දී පළාත් රෝහල්වල අඩුපාඩු පවතින්නේනම් ඒවා සපුරාලීම සඳහා  අවශ්‍ය මුදල් ප‍්‍රතිපාදන කඩිනමින් පළාත් සභා වෙත නිදහස් කිරීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් එමෙන්ම කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රමාණවත් පරිදි පහසුකම් නොමැති බවට පළවන මාධ්‍ය වාර්තාපිළිබඳවද ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසූ අතර එහිදී එම රෝහලේ  ප‍්‍රමාණවත් පහසුකම් මේ වන විට සළසා තිබෙන බව   නිලධාරීන් සඳහන් කර ඇති බවද නිවේදනයේ දැක්වේ.

මෙම වෛරස් උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ පාසල් වසා දැමීමට ද තීරණය කර තිබූ අතර රෝග තත්ත්වය පාලනය කිරීම  හේතුවෙන් එවන් අවශ්‍යතාවයක් මතු නොවූ  බව  වෛද්‍යවරුන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබූ බවද සඳහන් කරන එම නිවේදනය අදාළ රෝගය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත්  රෝගය පැතිරයාමේ අවධානමක් දැනට නොමැති බව ද සෞඛ්‍ය බලධාරින් පෙන්වා දුන් බවත් සඳහන් කරයි.

ඩෙංගු රෝගය පාලනය සඳහා ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු බවත් පසුගිය වසර දෙකට සාපේක්ෂව එහි සියයට 70 ක පමණ අඩුවීමක් සිදුව තිබෙන බව විශේෂඥ වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන් බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න