20 ගැන ඒකාබද්ධයේ තීන්දුව හෙට !

20 ගැන ඒකාබද්ධයේ තීන්දුව හෙට !

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින්  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ තීරණය හෙට (30)  දැනුම්දීමට නියමිත බව එහි ප්‍රකාශකයකු සඳහන් කරයි.

මේ සම්බන්ධව අදහස් දක්වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර ඇත්තේ මෙම 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සැබෑ ලෙසම එන්නේ කොහෙන්ද යන්න සම්බන්ධයෙන්ද එහි සැබෑ අවශ්‍යතාවය  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පමණක්ද යන්න සම්බන්ධයෙන්ද මෙහිදී සොයා බැලිය යුතුව ඇති බවය.මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සොයා බැලිය යුතුව තිබෙන බවත් ආවාට ගියාට තීන්දු නොගෙන රට-ජනතාව ගැන සිතා ඒ ගැන තීන්දුව රට හමුවේ තබන බවද ඔහු සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න