තහඩු හොරකමක් සම්බන්ධව වැලිඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි 12 හැවිරිදි බාල වයස්කාර දරුවෙකු එම පොලිසිය තුළදී ලිංගික අපයෝජනයකට ලක්කළ පොලිස් නිලධාරියා සහ ඊට අනුබල දුන් අනෙක් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන පදවිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර ඇත.
කැබතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් මනෝජ් ප්‍රභාකරන් පසුගියදා මේ නියෝගය නිකුත්කර ඇත්තේ මුලතිව් සහකාර පොලිස් අධිකාරී මයුර පෙරේරා වෙතය.
අපරාධය සිදුකළ සැකකරුවන් පොලිසියේ මුලික විමර්ශන වලදී හඳුනාගත නොහැකි නම් වැලිඔය පොලිසියේ සේවය කරන සියළු නිලධාරීන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙසත් අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අසමත් වුවහොත් සිදුවීමට අදාළ නඩුව තමන් දිනපතා අධිකරණය හමුවේ කැඳවන බවද විනිසුරුවරයා සඳහන් කර ඇත.
අතවරයට පත් ළමයාගේ මාපියන් වෙත බලපෑම් නොකරන ලෙසත් අධිකරණය නියෝග කර ඇත.

