ලංකාවේ මහේස්ත්‍රාත් අධිකරණවලට ඉදිරිපත් වන රථවාහන, මත්පැන් වැනි සුළු සුළු වැරදිවලින් 90%ක ම චූදිතයින් මුල් වතාවේ ම වරද පිළිගෙන දඩ ගෙවා ගෙදර යන්නේ ඔවුන් සියලු දෙනා ම ඇත්තට ම ඒ වරද කළ නිසා ම නොවේ.
" බීලා එනකොට අහු වුනා සර්. බෝතලේකට නඩු දැම්මා.."
මේ නිතරම අපට ඇහෙන කතාවක් ය.
මෙබඳු නඩුවක මුල් වතාවෙම වරද පිළ ගත්තොත් ( පෙර වැරදිත් නොවේ නම් ) රු.5000/- ක පමණ දඩයක් ගෙවලා නඩුව ඉවර කර ගෙන ඒ මනුස්සයාට ගෙදර යන්ඩ පුලුවං.
නිවැරදිකාරයා කියලා නඩු විභාගයක් ඉල්ලුවොත් ,
මූලික සාක්ෂි ගොනු කිරීමට දින එකේ සිට තුන හතර දක්වා...
සංදේශය ගොනු කිරීමට තවත් දින දෙක තුනක්.
රස පරික්ෂක වාර්තාවට... ඒත් දින දෙක තුනක්.
විභාගයට තවත් අවම දින දෙකක්. මෙයද දින හතර පහ විය හැකකි ය.
තීන්දුවට දින එකක් හෝ දෙකක්.
ඒ අනුව අඩුම නඩු වාර 10ක් හෝ අර මනුස්සයා උසාවි ආ යුතුය.
එක නඩු වාරයකට රු.1000/- බැගින් නීතීඥ ගාස්තු ගෙව්වත් නඩුව ඉවර වන විට නඩු ගාස්තු විතරක් රු.10 000/- කි.
ඒ හැරුණ විට කුලී වැඩ කරන මනුස්සයෙක් වුව ද , ඒ මනුස්සයාට නඩු දින 10ක් රස්සාවට යෑමට බැරි වීම හේතුවෙන් අහිමි වෙන ආදායම ( දවස් කුලිය රු.2000/- ක් ලෙස ගත්තත්) රු.20 000/- කි.
යම් හෙයකින් නඩුව අනිත් පැත්තට කැරකී එම පුද්ගලයා වැරදිකරු වුවහොත් දඩය රු.1000/- සිට 100 000/- දක්වා.
එය ගෙවා ගැනීමට නොහැකි වුව හොත් පුද්ගලයා සිර දඬුවමට යටත් වේ.
ඔය එක නඩුව වෙනුවෙං පොලිසිය, උසාවිය, රස පරික්ෂක දෙපාර්තමේන්තුව දරන වියදම හැරුණ විට පුද්ගලයාට සිර දඬුවම් ලබා දුන්න ද ඒ වියදම ද රජයෙනි.
මේ එක කසිප්පු බෝතලයක් වෙනුවෙන් යැයි සිතුව හොත්, ඒත් එක්කම හිතා ගන්ඩ පුළුවං අපේ රට මේ තරං අගාධයකට වැටෙන්ඩ හේතුවලිං එකක්.
එක පැත්තකිං කසිප්පු ගහලා බොකු බඩවැල් දිරලා මිනිහෙක් මැරෙන්ඩ අරිනවා.
තව පැත්තකිං නීතිය ක්‍රියාත්මක කරනවා කියලා තව මිනිහෙක් නොමරා මරනවා.
කීයක් හරි අතේ ගැවසෙන අපි රුපියල් 4000/- ක් විතර දීලා ගල් බෝතලේකුයි, ලොකු බයිට්ටෙකක් ගන්ඩ සල්ලි මදි හින්දා රටකජු පැකට් දෙකකුයි අරං, අඩියක් ගහන ගමං, ලොකුවට රට හදන හැටි ගැන කතා කරනවා.
ඇත්තටම අවුල කොහෙද?
(උපුටා ගැනීම නීතිඥ Wasantha Siri Watagoda Face book ගේ පිටුවෙනි)