පාතාලය මර්ධනය නොකිරීමේ සම්පුර්ණ වගකීම නීතිය හා සාමය අමාත්‍යංශය හා පොලිස් දෙපාර්තමේන්තුව විසින් ගත යුතුව ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පවසයි.
තමන් පසුගිය සතියේද මේ සම්බන්දයෙන් පොලිස්පතිවරයාට තදින් කතා කල බවත් පාතාල කාර්ය කල නොහැකි බව තව දුරටත් පෙනී යන්නේ නම් කරන්න හැකි අයෙකු දීමට සිදුවන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ් ඊයේ (31) වත්තල නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්තාවට එක්වෙමිනි.
නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමේ ප‍්‍රතිපත්තිය තුළ අධිකරණ ක්ෂේත‍්‍රයේ කිසිවෙකු දේශපාලනඥයින් පසුපස යන පසුබිමක් නිර්මාණයවීම කිසිසේත් සුදුසු නොවන බවත් අධිකරණ ක්ෂේත‍්‍රයේ පමණක් නොව සියලූ ක්ෂේත‍්‍රවල කටයුතු කරන පිරිස් වෙත තෘප්තිමත් මනසකින් සහ නිදහස් පරිසරයක් තුළ තම රාජකාරී කටයුතු කරගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම රජයේ වගකීම බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත‍්‍රයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල මුහුණදී සිටි වැටුප් විෂමතාවයන් ඇතුළු ගැටලූ රැසකට විසදුම් ලබාදීමට පසුගිය වසර තුන තුළ රජය කටයුතු කළ බව ද සඳහන් කළේය.
එමෙන්ම විනිසුරුවරුන්ගේ උසස්වීම් හා ස්ථාන මාරුවීම් පිළිබඳ ඉදිරිපත් කෙරෙන කරුණු ගැනද මෙහිදී අවධානය යොමුකළ ජනාධිපතිතුමා ඔවුන්ගේ සාධාරණ දුක්ගැනවිලි සහ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, සහ මහාධිකරණය නියෝජනය කරන විනිසුරුවරුන්ගෙන් සමන්විත ති‍්‍රපුද්ගල කමිටුවක් ඒ සඳහා පත් කර එම ඒකකය පවත්වාගෙන යාමට ද යෝජනා කරනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ නීතියේ ආධිපත්‍ය ශක්තිමත්වීම රටක යහපත් සහ ගුණවත් සමාජයක් ගොඩනැගීමට ප‍්‍රමුඛ පදනම වන බවය.
2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමේ අරමුණු අතර පමුඛ වූයේ රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් සහ දූෂණයෙන් තොර සමාජයක් ගොඩනැගීම බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය. රට තුළ තහවුරු වූ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සීමාවෙන් එහා ගොස් භුක්තිවිදීමට ඇතැමුන් කටයුතු කිරීම හේතුවෙන් සාදාචාරවත් සමාජයකට නොගැලපෙන බොහෝ කි‍්‍රයාකාරකම් අත්විදීමට සිදුව තිබෙන බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා පරිගණක සහ ජංගම දුරකතන අපරාධ පිළිබඳ අද දැක්වෙන වාර්තා ඉතාමත් කණගාටුදායක බවත් මෙම බරපතළ තත්ත්වය පිළිබඳව අදාළ සෑම අංශයක් විසින්ම තීන්දු තීරණ ගැනීමේ වැදගත්කමත් පෙන්වා දුන්නේය.

