රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් අලුතින් සකස් කරන ලද කොළඔ නගරයේ සිතියම, නාරාහේපිට මිනින්දොරු දෙපාර්තමේන්තුවේ ඊයේ (31) පැවැති උත්සවයක දි මිනුම්පති ජනරාල් පී.එම්.පී උදයකාන්ත මහතා විසින් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක වෙත බාරදී ඇත.
කොළඔ වරාය නගරය හා අධිවේගී මාර්ගඅ ඇතුළු සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු අඩංගු මෙම සිතියම අනුව කොළඔ නගරයේ සිතියම හෙක්ටයාර් 474.5කින් වැඩි වී ඇතැයි මිනුම්පති ජනරාල් පී. එම් .පී උදයකාන්ත එහිදී පවසා ඇත.
ශ්‍රී ලංකාවේ නව සිතියම සකස් කිරීම 2015දී ආරම්භ කළ අතර එහි කොටස් 92න් 72ක කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර තවත් කොටස් 20ක දැන් නිම කෙරෙමින් පවතින බවත් මේ වසර අග භාගයේදී සම්පූර්ණ සිතියම නිකුත් කළ හැකි වනු ඇතැයිද එහිදී මිනුම්පති ජනරාල් සඳහන් කර ඇත.
මෙහිදී අදහස් දැක් වූ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමති ගයන්ත කරුණාතිලක සඳහන් කර සිටියේ ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර එතනට මුලින්ම යන්නේ මිනින්දෝරුවරයා බවත් එයට අදාළ ඉඩම් මැනීම, සැළසුම් සකස් කිරීම සිදු කරන්නේ ඔවුන් විසින් බවත් එහෙයින් සංවර්ධනයේ දී මිනින්දෝරු විසින් නිහඩව සිදු කරන විශාල සේවය අගය කළ යුතු බවත්ය.
ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ලේකම් ඩබ්. එච් කරුණාරත්න සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීහූ මේ අවස්ථාවට සහභාගීව සිටියහ.


