නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ බිරිඳ සහ දියණිය වහාම අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිට නියම කර ඇත.
ඒ කාන්තාවකට අයුතු අවහිරයක් සිදුකර කර සාපරාධී බලහත්කාරකමක් කිරිම සම්බන්ධව වන අතර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ වන දීප්ති බොගොල්ලාගම හා දියණිය වු දිල්හානි බොගොල්ලාගම යන අය අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කුරුදුවත්ත පොලිසියට සිදුකර තිබුණේ බෝගොල්ලාගම මහතාගේ පුත්‍රයාගේ බිරිඳ වු ගයාත්‍රී නිරංජනා සිරිවර්ධන විසින්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
