ගෝඨාභයගේ ප්‍රතිශෝධන පෙත්සම ජුනි 6 ට කල්යයි !

ගෝඨාභයගේ ප්‍රතිශෝධන පෙත්සම ජුනි 6 ට කල්යයි !

ඇවන්ට්ගාඩ් නඩුවෙන් තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ලබන ජුනි 06 වැනි දා සළකා බැලීම අභියාචනාධිකරණය නියම කර ඇති බව වාර්තා වෙයි.

එම පෙත්සම අද (01)  කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ මෙම නියමය නිකුත් කර ඇත.

මෙම පෙත්සම සළකා බැලීමෙන් තමන් ඉවත් වන බව විනිසුරු ජනක් ද සිල්වා මහතා මීට පෙර දිනයේ සඳහන් කළද එම විනිසුරු මඩුල්ල ඉදිරියේම නැවතත් නඩුව කැඳවීම  නිසා මෙදිනට පෙත්සම කල් තැබීය.

පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ  අභියාචනාධිකරණය හමුවේ කියා සිටින්නේ පසුගිය රජය සමයේ ගාලු වරායේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම  තමා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා ඇති බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න